Saturday, October 26, 2024
Follow Us
පාසල් නිවාඩු කාලය වෙනුවෙන් විශේෂ දුම්රියක්

පාසල් නිවාඩු සමය වෙනුවෙන් සංවිධාන කෙරෙන විශේෂ දුම්රිය සේවාවක් අද (17) සිට ආරම්භ වනවා.

කොළඹ සහ මහනුවර අතර අද සිට පාසල් නිවාඩු සමය අවසන් වන තෙක් මෙම දුම්රිය සේවාව දිනපතා සිදු කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ පිළිබද වැඩිදුරටත් කරුණු දක්වන එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනා ගමන) ගාමිණී සෙනෙවිරත්න කියා සිටියේ පෙරවරු 9.00ට පිටත්වන දුම්රිය 11.30ට මහනුවරට ළඟා වෙන බව සඳහන් කළා. පස්වරු 16.55ට මහනුවරින් පිටත්වන දුම්රිය 19.30ට කොළඹ කොටුවට ළඟා වෙන බවත් සඳහන් කළා.

අදාළ දුම්රිය ගම්පහ සහ පේරාදෙණිය යන දුම්රිය ස්ථානවල පමණක් නතර කෙරෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

(Neth)