Saturday, October 26, 2024
Follow Us
උත්සවය සමයේ දී සහන මිලට සහල් ලබා දීමට සහල් මෝල් හිමියෝ එකඟත්වය පළ කරති.

මේ උත්සව සමයේ දී පාරිභෝගික ජනතාවට සහන මිලට සහල් ලබා දීමට මහා පරිමාණ සහල් මෝල් හිමියෝ එකඟත්වය පළ කළහ. 10) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මහා පරිමාණ සහල් මෝල් හිමියන් සමග පැවැති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹිණි.


ඒ අනුව අද සිට ක්‍රියාක්මක වන පරිදි නාඩු සහල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 98/=ක උපරිම සිල්ලර මිලකට ද, සම්බා සහල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 99/=ක උපරිම සිල්ලර මිලකට ද අලෙවි කිරීමට සහල් මෝල් හිමියෝ එහි දී එකඟ වූහ.
මෙම උත්සවය සමයේ දී සහන මිලට සහල් ලබා දීමට මහා පරිමාණ සහල් මෝල් හිමියන් ගත් තීරණයට අනුව පාරිභෝගික ජනතාවට එම මිලට හිගයකින් තොරව සහල් මිල දී ගැනීමට හැකි වනු ඇත. ඒ අනුව හෙට සිට සහල් මෝල් හිමියන්ගේ බෙදා හැරීම් ජාලය ඔස්සේ සහන මිලට මිල දී ගත හැකි වන පරිදි සහල් බෙදා හැරීමට නියමිත ය.

(LI)