Saturday, October 26, 2024
Follow Us
අපේක්ෂා රෝහලට මහා භාණ්ඩාගාරයෙන් මිලියන 1000 ක්

මහරගම අපේක්ෂා රෝහලට අත්‍යවශ්‍යව තිබූ ඖෂධ වර්ග 24 ක් මිල දී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 1000 ක මූල්‍ය ප්‍රතිපාදන ලබාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

ඒ අනුව මේ සතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග හදිසි මිලදී ගැනීමේ ක්‍රමවේදය උපයෝගී කර ගනිමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මිල දී ගෙන මහරගම අපේක්ෂා රෝහල වෙත ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යාංශය සඳහන් කළේය.

එමෙන්ම මේ වන විට විවිධ ඖෂධ ආනයනය කරන ආයතන ණයවර ලිපි මගින් විවෘත කර ඇති ඖෂධ වර්ග ද ලැබෙමින් පවතින අතර, ඉදිරි මාසය තුල දී අත්‍යවශ්‍ය ඖෂධ වල හිඟය මගහරවා ගැනීමට හැකිවනු ඇති බවට අමාත්‍යාංශය කියයි.

පසුගිය 05 වැනි දින සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සහ සෞඛ්‍ය ලේකම් පී.එම්.එස් චාල්ස් මහත්මිය මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා සමග පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම රුපියල් මිලියන 1000 ක මුල්‍ය ප්‍රතිපාදන ලබාගැනීමට හැකි වූ බව අමාත්‍යංශය සඳහන් කරයි.

මේ අතර මෙම ඖෂධ මිල දී ගැනීම් පිළිබදව අනුගමනය කරන ක්‍රමවේදයන් යාවත්කාලීන කිරීමටද අමාත්‍යවරියගේ අවධානය යොමු වී ඇතැයි අමාත්‍යංශය සඳහන් කරයි.

(Lanka Leads)