Friday, October 25, 2024
Follow Us
සියලුම ගුරුවරු උපාධිධාරීන් බවට පත්කිරීමට සැරසෙයි

ගුරුවරුන්ගේ වෘත්තිමයභාවය ඉහළ නැංවීම සඳහා සමස්ත ගුරුවරු උපාධිධාරීන් බවට පත්කිරීම සඳහා වන වැඩපිළිවෙළකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ විශ්වවිද්‍යාල පීඨයන් බවට පත්කර ගුරුවරුන් සඳහා උපාධි සුදුසුකම් ලබාගැනීම සඳහා අවස්ථාව සලසා දීම එහි අරමුණයි.

අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන අතර එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ශාස්ත්‍රීය සහ නෛතිකමය කාර්යයන් ඉටු කිරීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි විශේෂඥ කමිටුවක් පත්කිරීමටද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ප්‍රඥා සම්පන්න පුරවැසියෙක් දැනුමෙන් පිරිපුන් සමාජයක් යන වැඩපිළිවෙළ යටතේ එම යෝජනාව ඉදිරිපත් කර ඇත.

(LNW)