Friday, October 25, 2024
Follow Us
අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර් 100ට වැඩි තද වැසි

උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායක අපේක්‍ෂිත කාලගුණ අනාවැකිය පිළිබඳ විස්තර කරමින් සඳහන් කළේ උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

අනෙකුත් ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙන බවත් වයඹ පළාතේ උදෑසන කාලයේ ද වැසි ඇති වීමේ හැකියාවක් පවතින බවත් සඳහන් කළා. යාපනය, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම, වවුනියාව, අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රීකුණාමලය, මඩකලපුව, අම්පාර, නුවරඑළිය, බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වර්ෂාපතනයන් බලාපොරොත්තුවෙන බවත් සඳහන් කළා.

මහනුවර, නුවරඑළිය, බදුල්ල සහ රත්නපුර දිස්ති‍්‍රක්කවලට නිකුත් කෙරුණු නායයාමේ නිවේදන තවදුරටත් වලංගු බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතව පවතිනවා. මාර්ග කිහිපයක ගමනා ගමන කටයුතුවලටද බාධා එල්ල වී ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)