Friday, October 25, 2024
Follow Us
ශී‍්‍ර ලාංකිකයන් 642කට ස්විට්සර්ලන්ත දේශපාලන රැකවරණ

පසුගිය වසර 2 තුළ ස්විස් රජය ශී‍්‍ර ලංකාවේ රජයට හොරෙන් ශී‍්‍ර ලාංකිකයන් 642 කට දේශපාලන රැුකවරණය ලබාදී ඇති බව හෙළි වේ.

මේ හැර තවත් ශී‍්‍ර ලාංකිකයන් 2418 කගේ දේශපාලන රැුකවරණ ලබාගැනීමේ අයැදුම්පත් සලකා බැලීම සඳහා දේශපාලන රැුකවරණ කාර්යාලයට යොමු කර ඇත. මෙම ශී‍්‍ර ලාංකිකයන්ට ස්විස්ටර්ලන්තයට යාමට වීසා බලපත් ලබාදී ඇත්තේ කොළඹ ස්විස් තානාපති කාර්යාලයයි. මේ ශී‍්‍ර ලාංකිකයන් පිළිබඳව ස්විස් තානාපති බලධාරීන් ශී‍්‍ර ලංකා රජයට කිසිදු තොරතුරක් හෙළිකර නැත.

මෙලෙස දේශපාලන රැුකවරණ ලබාගත් ශී‍්‍ර ලාංකිකයන්ගෙන් සියයට 95 ක් ද්‍රවිඩ ජාතිකයෝ වෙති.

ආරංචි මාර්ග දක්වන අන්දමට උතුරේ ද්‍රවිඩ දේශපාලකයන් පිරිසකගේ සහ රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන්ගේ නිර්දේශ මත මොවුන්ට වීසා බලපත් ලැබී ඇත.

Divaina