Friday, October 25, 2024
Follow Us
පාර්ලිමේන්තුව මාර්තු මුල විසුරුවා හැරියොත් මැතිවරණය අප්‍රේල් 25

2020 මාර්තු මුල පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් අප්‍රේල් 25 වනදා මහමැතිවරණය පැවැත්වීමට හැකිවනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

කෙසේවෙතත් එය ජනාධිපතිවරයා සතු තීරණයක් බවයි ඒ මහතා සඳහන් කළේ.

එසේම තමන් මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වුවත් එහි සාමාජිකයකු ලෙස දිගටම කටයුතු කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් වැඩිවීමේ ගැටළුව විසඳාගැනීම සඳහා ඇප මුදල් වැඩිකළ යුතු බවත් ඊට අදාළ පනත් කෙටුම්පත් සකස් කර දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කළ යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

එමෙන්ම විදෙස්ගතව සිටින පිරිස් සඳහා තැපැල් ඡන්දය භාවිතා කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට 2025 වනවිට අනිවාර්යයෙන්ම නීති සම්පාදනය කළ යුතු බව ද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට සම්බන්ධ වෙමිනි.

(LNW)