Friday, October 25, 2024
Follow Us
බස්නාහිර පළාතේ පදික වේදිකා අවහිර කරන ත්‍රීරෝද රථගාල් ඉවතට

පදික වේදිකා අවහිර වන ලෙස පත්වාගෙන යන සියලුම ත්‍රීරෝද රථගාල් ඉවත් කරන ලෙස පොලිස් මූලස්ථානය විසින් බස්නාහිර පළාතේ සියලුම පොලිස් ස්ථානවෙත දැනුම් දී ඇතැයි වාර්තා වේ.

බස්නාහිර පළාතේ සියලුම ත්‍රීරෝද රථගාල් නියාමනය කිරීමේ වැඩසටහන යටතේ දෙසැම්බර් 31 වනදායින් පසු මෙය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එසේම මෙහිදී ආණ්ඩුව අපහසුතාවට පත් නොවන අයුරින් දෙසැම්බර් 31 වනදා දක්වා නිසි පරිදි ත්‍රීරෝද රථ රියදුරන් දැනුවත් කර මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ලෙස පොලිස් මූලස්ථානය අවධාරණය කර ඇති බවත් සඳහන්.

එසේම නිසි පරිදි ලියාපදිංචි නොකළ ත්‍රීරෝද රථගාල් සම්බන්ධයෙන් ද අදාළ පළාත් පාලන ආයතන සම්බන්ධ කරගනිමින් එම රියදුරන් වෙත විධිමත් රථගාල් ලබාදීමට ද මෙහිදී අවධානය යොමුව ඇති බවත් වාර්තා විය.

(LNW)