Friday, October 25, 2024
Follow Us
පවතින වැසි තත්ත්වය තවදුරටත්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලාශ රැසක වාන් දොරටු විවෘත කර තිබෙනවා. රාජාංගනය, උඩවලව, අංගමුව හා දැදුරු ඔය ඇතුළු ජලාශ කිහිපයක මෙලෙස වාන් දොරටු විවෘත කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

එහි නියෝජ්‍ය අධක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්වූවා.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පවුල් 643 ක් පීඩාවට පත්ව සිටින බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

දිස්ති‍්‍රක් 03 කට නායයාම් රතු නිවේදන නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ රත්නපුර, බදුල්ල සහ කෑගල්ල යන දිස්ති‍්‍රක්ක සඳහා මෙම නායයාම් රතු නිවේදනය නිකුත් කර ඇති බවයි.

පස්කඳු කඩාවැටීම හේතුවෙන් බදුල්ල දිස්ති‍්‍රක්කයේ මාර්ග කිහිපයක ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

බදුල්ල දිස්ත‍්‍රික්කයේ ස්ථාන කිහිපයක නායයාම් ද වාර්තා වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සමන් පාලිත නානායක්කාර පැවසුවේ.

මේ අතර දිවයිනේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර කියා සිටියේ "උතුර, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් අද දිනයේත් පවතී කියලා බලාපොරොත්තු වෙනවා. මෙහිදී ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ත් 150ත් අතර තද වැසි අපේක්ෂා කෙරෙනවා. " යනුවෙනි.

(Neth)