Friday, October 25, 2024
Follow Us
අද සිට දුම්රියේ සිඟමන් යැද්දොත් දැඩි දඬුවම් !

අද (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය තුළ සිඟමන් යැදීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

ඒ අනුව අද සිට දුම්රිය තුළ සිඟමන් යැදීමෙහි නිරත වුවහොත් දැඩි දඬුවම් පමුණුවන බවයි දුම්රිය සේවා අමාත්‍යාංශය නිවේදනය කර තිබෙන්නේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතා පැවසුවේ පළමු පියවර ලෙස දුම්රියේ සිඟමන් යැදීම වහාම නතර කළ යුතු බවට ඉඟියක් ලබාදී ඇති බවත් එය නොතකා හරින්නේ නම් ඔවුන්ව නීතියේ රැහැනට හසුකර ගැනීමට කිසිසේත්ම නොපැකිළෙන බවත්ය.

එසේම දැනට දුම්රිය නිලධාරීන්ගේ යම් හිඟයක් පවතින නමුත් එය සම්පූර්ණ කරගන්නා තෙක් මේ සඳහා පොලිසියේ සහාය ලබාගැනීමට ද තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

(LNW)