Friday, October 25, 2024
Follow Us
ප‍්‍රදේශ රැසකට අදත් තද වැසි

උතුර, වයඹ, සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර දිස්ති‍්‍රක්කයෙත් පවතින වැසි තත්ත්වයේ තවදුරටත් වැඩි වීමක් අද දිනයේ බලාපොරොත්තු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ස්ථානවලට මිලි මීටර් සීයයත් එකසීය පනහත් අතර තද වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාළගුණ විද්‍යාඥ ශානිකා දිසානායක පැවසුවේ.

මේ අතර පවතින වර්ෂාව හේතුවෙන් උල්හිටිය ජලාශයේ වාන් දොරටු 07ක් ඊයේ රාති‍්‍රයේ විවෘත කෙරුණා. එම වාන්දොරටු තවමත් විවෘත කර පවතින බවයි අපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ.

(Neth)