Friday, October 25, 2024
Follow Us
නව රජයෙන් විශේෂ තීරණයක්..බැංකු ණය ගෙවාගත නොහැකි ජනතාවට සතියෙන් සහනයක්

බැංකු වලින් ණය ලබාගෙන ගෙවා ගත නොහැකිව සිටින ජනතාවට ලබාදිය හැකි උපරිම සහනය සතියකින් පසු ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

සම කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ ඊට අදාළ යෝජනා ලැබීමෙන් පසු සුදුසුම පියවර අනුගමනය කරන බවයි.

මහබැංකු අධිපතිතුමා ඇතුළු බැංකු නිලධාරීන් සමග අගමැති මහින්ද රාජපක්ෂ මහතා සාකච්ඡා කර ඇති බවත් ඔවුන් සතියක් ඇතුලත ඊට අදාළ තීරණය ලබාදීමට එකඟ වී ඇති බවද අමාත්‍යවරයා පවසා සිටියේය.

‍ආණ්ඩුව විසින් ප‍්‍රකාශයට පත් කළ නව බදු සහන දෙසැම්බර් පළමුවනදා සිට කි‍්‍රයාත්මක වීමට නියමිතය.

(Lanka Leads)