Friday, October 25, 2024
Follow Us
පාදෙනියට සෞඛ්‍ය ලේකම් තනතුර නෑ

නව අමාත්‍යාංශ 20ක් සඳහා පත් කෙරුණු ලේකම්වරු වෙත පත්වීම් ලිපි පිළිගැන්විම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ඊයේ (27දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

කෙසේ වෙතත් මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වෙත තනතුරක් හිමිනොවුණි.

පසුගිය දින කිහිපයේදී වාර්තා වූයේ සෞඛ්‍ය ලේකම් තනතුර පාදෙනිය මහතාට ලබාදීමට රජයෙන් යෝජනා වී ඇති බවයි. එය රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයද තහවුරු කළේය.

කෙසේ වෙතත් සෞඛ්‍ය ලේකම් තනතුර සඳහා දක්ෂ රාජ්‍ය නිලධාරිනියක වන පී.එස්.එම්. චාල්ස් මහත්මිය පත්කර තිබුණි.

(Lanka leads)