Friday, October 25, 2024
Follow Us
වෙනසකට මුලපිරූ ජනපතිට විද්වතුන්ගෙන් පැසසුම්; හකීම් – බදියුදීන් – සුමන්දිරන් අන්තවාදීන් නැති ආණ්ඩුවක් හදා ඉතිහාසගත වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු නව ආණ්ඩුව සම්බන්ධයෙන් මෙරට දේශපාලන විශ්ලේෂකයන් විවිධ මත පළ කරමින් සිටී.

එහිදී බොහෝදෙනා පෙන්වා දෙන්නේ පවතින පාර්ලිමේන්තුව තුළින් අමාත්‍යවරුන් තොරාගැනීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සිදුවුවද ඔහු එය ඉතාමත් ප්‍රශංසනීය ආකාරයෙන් සිදුකර ඇති බවයි.

පසුගිය ආණ්ඩු සමයන්හිදී ඇමැතිවරුන් ලෙස ක්‍රියා කළ පුද්ගලයින් යළි අමාත්‍ය ධුරයන් සඳහා තෝරා පත්කළ ද මෙවර ඔවුන් තනතුරුවලට එහා යමින් ඒ ඒ විෂය ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් වගකීමක් ද පවරා ඇති බව ඔවුන් පෙන්වා දෙයි.
ඊටත් අමතරව ඇතැම් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ නිදහසින් පසු ඉතිහාසයේ අන්තවාදීන් නියෝජනය නොකරන එකම ආණ්ඩුව මෙය වන බවයි.

පසුගිය යහපාලන ආණ්ඩු සමයේ සිය පක්ෂ හා කණ්ඩායම්වල අන්තවාදී අදහස් මුදුන් පමුණුවා ගැනීම සඳහා කටයුතු කළ හකීම්, බදියුදීන් සහ සුමන්දිරන් වැනි නියෝජිතයන් නොමැති ආණ්ඩුවක් සකස් කරමින් ජනාධිපතිවරයා මෙරට සාම්ප්‍රදායික දේශපාලනයේ දුර්මත ඉවත් කළ බවයි.

එමගින් එකම රටක්, එකම දේශයක් ලෙස ඉදිරියට යමින් ජාති භේදයෙන් හා ආගම් භේදයෙන් ඉවත්ව එකම ශ්‍රී ලාංකික ජාතියක් පෙනී සිටීමට අවශ්‍ය විශ්වාසය ජනාධිපතිවරයා සකස්කර අවසන් බව ද පෙන්වා දෙන බවයි.

(Lanka Leads)