Friday, October 25, 2024
Follow Us
උතුරේ ස්ථාන රැසකදී ‘මහවිරු’ සැමරේ

උතුරේ ස්ථාන 70කට ආසන්න ප්‍රමාණයක ඊයේ 27 මහවිරු උත්සව සංවිධානය කර සමරා ඇති අතර ඒ සඳහා කතෝලික සහ හින්දු පූජකවරුන් ද පළාත්වල දේශපාලනඥයින් ද සහභාගී වී ඇති බව වාර්තාවේ.

මන්නාරම, මුලතිව්, කිළිනොච්චි, යාපනය හා වවුනියාව යන සෑම ප්‍රදේශයකම ඊයේ රාත්‍රීයේ විශේෂයෙන් සූදානම් කරණ ලද ස්ථානවල මෙම මහවිරු සැමරුම් උළෙලවල් පවත්වා තිබේ.

කිළිනොච්චි හා මුලතිව් ප්‍රදේශවල මහවිරු උළෙලවල් පැවැත්වීම සඳහා අළුතෙන්ම මෙවර සොහොන් කොත් ද සාදා තිබූ බවද වාර්තාවේ.

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ එම්.කේ.ශිවාජිලිංගම් යාපනයේදී මහවිරු උළෙල සමරන ලද බවද වාර්තා විය.

මහවිරු උළෙලවල්වලට සහභාගී වූ සෑම අයෙකුටම මියගිය පුද්ගලයා සිහිවීම සඳහා නිවසේ සිටුවීමට පොල් පැල හා වෙනත් පැල වර්ග බෙදා දීමක්ද සිදුව තිබේ.

(Lanka Leads)