Wednesday, December 25, 2024
Follow Us
ගංවතුර ආපදාවට නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්

දිවයිනට බලපා ඇති  අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඇතිවී ඇති ගංවතුර තත්ත්වය මත පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා අම්පාර, ත්‍රිකුණාමලය, අනුරාධපුර යන දිස්ත්‍රික්කයන් වෙත ආපදා සහන කණ්ඩායම් 10ක් නාවික හමුදාව අනුයුක්ත කළ  අතර, එම සහන කණ්ඩායම් අද (30)  දිනයේදීත් ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටි.

ඒ අනුව, අධික වර්ෂාපතනය හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ නාවින්නවේලි, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මයිලපන්චේනි, සාෆිනගර්, මුත්තුච්චෙන්නායි (තුවක්කුව හංදිය), මුතුර් හංදිය, කට්ටපරිච්චාන්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පරාක්‍රමපුර (මාඔය), බුද්දන්ගල (වැලි ඇල) යන ප්‍රදේශයන්හි ඇතිවි ඇති ගංවතුර තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම මෙම නාවික හමුදා කණ්ඩායම් අනුයුක්ත කර තිබේ.

එම අනුයුක්ත කර ඇති නාවික හමුදා සහන කණ්ඩායම්  ජනතාවගේ දෛනික කටයුතු සිදුකර ගැනීම සඳහා ඩිංගි යාත්‍රා මඟින් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීම, පිසු ආහාර බෙදාදීම සහ ගංවතුරෙන් ආපදාවට පත් පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරති.