Saturday, October 19, 2024
Follow Us
නවසීලන්ත කණ්ඩායමට ලකුණු 116ක ඉලක්කයක්

කාන්තා ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර තරගය මේ වනවිට පැවැත්වෙයි.

සජා හී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළාය.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු සංඛ්‍යාව 115ක් රැස්කළාය.

තරගය ජයගැනීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම හිමිව ඇති ඉල්ලක්ය ලකුණු 116කි.

තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය මෙය වන අතර සහභාගී වු සියලු තරග පරාජයට පත්වීම හේතුවෙන් ඔවුන්ට මේ වනවිටත් අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව අහිමි වී තිබේ.

Aruna