Saturday, October 19, 2024
Follow Us
මානසික සෞඛ්‍ය දින ලාංඡනය අගමැතිනියට පළඳවයි

ඔක්තෝම්බර් 10  දිනට යෙදුන ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා මානසික සෞඛ්‍ය සේවාලාභීන්ගේ ක්‍රියාකාරී සංවිධානයේ (CAN MH Lanka) මෙහෙයුම් අධ්‍යක්ෂ සුනිල් කීර්ති නානායක්කාර විසින් පසුගියදා (10 ) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරියට සමනල රුව සහිත ලාංඡනය පළඳවන ලදී.

2012 දී පිහිටුවන ලද ශ්‍රී ලංකා මානසික සෞඛ්‍ය සේවාලාභීන්ගේ ක්‍රියාකාරී සංවිධානය, මානසික සෞඛ්‍ය වෙනුවෙන් පෙනීසිටින අතර ඔවුන් මිනිසුන්ට බලපාන මානසික ආබාධ වලට මුහුණ දෙන ආකාරය පිළිබදව දැනුම ලබාදෙයි.

2013 වසරේ සිට සෑම වසරකම ඔක්තෝබර් මස 10 වන දින ලෝක මානසික සෞඛ්‍ය දිනය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නම් කර ඇති අතර, ලොව පුරා මානසික සෞඛ්‍යය පිළිබඳ දැනුවත් කිරීම සහ මානසික සෞඛ්‍ය ගැටලු අත්විඳින අයට සහාය වීමට උත්සාහයන් බලමුලු ගැන්වීම මෙහි අරමුණු වේ. මෙවර එහි තේමා වී ඇත්තේ "රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යයට මුල් තැන දෙමු" යන්නයි.