Saturday, October 19, 2024
Follow Us
150 වන ලෝක තැපැල්‌ දිනයට සමගාමීව ජාතික මුද්දර ප්‍රදර්ශනයක්

150 වන ලෝක තැපැල්‌ දින සැමරුම්‌ උත්සවයට සමගාමීව ජාතික මුද්දර ප්‍රදර්ශනයක්‌ හෙට (08) සිට ඔක්‍තෝබර් 12 දක්වා පැවැත්වීමට නියමිතය.

 

මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන දිනයන්හි ‍පෙ.ව 09.00 සිට ප.ව. 06.00 දක්වා තැපැල්‌ මූලස්ථානයේදී පැවැත්වීමට තැපැල්‌ දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. 

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය්‍යාංශය ලේකම් රංජිත්‌ ආරියරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රදර්ශනය පැවැත්වේ.

ඒ අනුව ලෝක තැපැල්‌ දිනයට සමගාමීව පාසල්‌ සිසුන්‌ අතර පවත්වන ලද මුද්දර ප්‍රදර්ශන තරඟාවලියේ ජයග්‍රාහකයින්‌ සඳහා ත්‍යාග ප්‍රදානය කිරීමක්ද මෙහිදී සිදුකිරීමට නියමිතය.