Saturday, October 19, 2024
Follow Us
කාන්තා ලෝක කුසලාන නිලධාරිනියන් අතරට ශ්‍රී ලංකාවෙන් මිෂෙල් සහ නිමාලි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඔක්තෝම්බර් මසදී ආරම්භ වනු ලබන පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද තරග නිලධාරීන් අතරට ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙකු ඇතුළත්ව සිටියි.

තරග තීරකවරියක ලෙස කටයුතු කරනු ලබන මි‍ෂෙල් පෙරේරා සහ විනිසුරුවරියක ලෙසින් කටයුතු කරන නිමාලි පෙරේරා මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන දෙදෙනා වෙති.

9 වැනි වතාවටත් ක්‍රියාත්මක ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන රටවලින් තෝරා ගන්නා ලද නිලධාරීවරියන් 10 දෙනෙකු මෙවර ලෝක කුසලාන තරගාවලියේ නිලධාරිනියන් ලෙස කටයුතු කිරීම සඳහා තෝරා ගෙන තිබේ. මේ අතරින් මිෂෙල් පෙරේරා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී තරග තීරකවරියක ලෙසින් කටයුතු කරනු ලබන දෙවැනි වතාව මෙය වන්නේය.

තරග තීරකවරියන් – ශැන්ඩ්‍රෙ ෆ්‍රිට්ස්, ජී. එස්. ලක්ෂ්මි, මිෂෙල් පෙරේරා.

තරග විනිසුරුවරියන් – ලෝරන් අගෙන්බැග්, කිම් කොටන්, සාරා දම්බනෙවාන, ඈන් හැරිස්, නිමාල් පෙරේරා, ක්ලෙයාර් පොලොසැක්, වින්දරා රාතී. සූ රෙඩ්ෆර්න්, එලොස් ශෙරිඩන්, ජැකලින් විලියම්ස්.