Saturday, October 19, 2024
Follow Us
හමුදා සලාක මුදල ජනවාරියේ සිට මාසික වැටුපට

හමුදා සාමාජිකයින්ට ආහාර වේල් ලබාදීම වෙනුවට එම සලාක මුදල ලබන ජනවාරියේ සිට ඔවුන්ගේ මාසික වැටුපට එක් කිරීමට තීරණය කර ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

එමෙන්ම ඔවුනට අවශ්‍ය ආහාර හමුදාවෙන්ම සහනදායී මිලකට ගැනීමට වැඩපිළිවෙළක්ද හඳුන්වා දෙන බව ඔහු සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ එම අමාත්‍යාංශයේදී අද (29) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය

මෙසේ කටයුතු කිරීමෙන් හමුදා සාමාජිකයින් ගේ මූල්‍ය ශක්තිය වඩාත් ස්ථාවර වීම පමණක්  නොව මූල්‍ය විනිවිදභාවය සහ වගවීම වඩාත් තීව්‍ර වනු ඇතැයි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කළේය.

මෙම නව තීරණයෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පනස් පන්දහසකට පමණ සෙත සැලසෙනු ඇතැයි රජය විශ්වාස කරයි.