Thursday, October 24, 2024
Follow Us
සහරාන් අයිසිස් සමග සබඳතා පැවැත්වූවේ ති‍්‍රමාර් පරිගණක අඩවියෙන්…මැඩපවත්වන තාක්ෂණය ලංකාවෙත් නෑ..

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් සිරියාවේ අයිසිස් ත‍්‍රස්තයන් සමග සබඳකම් පවත්වනු ලැබුවේ ති‍්‍රමාර් නමැති මෙරට බුද්ධි සේවාවන්ට හසුනොවන පරිගණක අඩවිය සමග බව යුද හමුදාව සොයාගෙන ඇත.

මේ පරිගණක අඩවිය වෙත පිවිසීම හෝ ඉන් පවත්වන සබඳතා අඩුකර ගැනීමේ තාක්‍ෂණය ශී‍්‍ර ලංකා හමුදාවට නැතැයි ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග පැවසීය.

මෙම ති‍්‍රමාර් අඩවිය අකි‍්‍රය කිරීමට පුරෝගොල් ජාත්‍යන්තර පොලිසිය කි‍්‍රයාකර නැතැයි ආරංචි මාර්ග කියා සිටී.

අයිසිස් නායක අබුබකර් අල් බැග්ඩෑඞ් පවා ති‍්‍රමාර් අඩවිය ඔස්සේ කි‍්‍රයාත්මක වන බව වැඩිදුරටත් හෙළිවී ඇත.

Divaina