Thursday, October 24, 2024
Follow Us
නියඟයෙන් පවුල් 132000ක් අවදානමේ

මේ වන විට පවතින නියගය හේතුවෙන් පවුල් 132000කට අධික ප්‍රමාණයක් අවදානමට ලක්ව ඇතැයි ජලසම්පාදන හා ජල සම්පාදන මණ්ඩලය පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීනී අනෝජා කලුආරච්චි පැවසුවේ මේ වන විට ජල මුලාශ්‍ර 40ක්ද ජල සම්පාදන ක්‍රම 42ක්ද අවදානමට ලක්ව ඇති බවයි.

කැලණි ගගේ ලවණ බාධකයක් යෙදීම නිසා කලටුවාව හා ලබුගම ජල යෝජනා ක්‍රම අවදානමෙන් මිදී ඇත.

ඉදිරියේ දී තවදුරටත් නියගය පැවතීමෙන් ජල නිෂ්පාදනයේ අවදානමක් ඇතිවුවහොත් එයට සහය වන ලෙස මහවැලි ජල කළමණාකරණ ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති බව ජලසම්පාදන හා ජල සම්පාදන මණ්ඩලය පැවසීය.

 

-Aruna