Thursday, October 24, 2024
Follow Us
අහංගම වෘත්තීය පුහුණු අධිකාරියට අතිනවීන සූපවේදි පුහුණු මධ්‍යස්ථානයක්

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා S4IG ආයතනය එක්ව එළඹුන අවබෝධතා ගිවිසුමට අනුව VTA අහංගම හෝටල් පාසලේ අතිනවීන සියලුම පහසුකම් සහිත සූපවේදි පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීම ඊයේ ( 21) ඕස්ට්‍රේලියානු රජයේ මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා විසින් සිදු කරන ලදි.

තරුණ තරුණියන්ට හෝටල් ක්ෂේත්‍රයේ සූපවේදී පුහුණුවක් ලබා ගැනීමට මෙතෙක් නොලද අවස්ථාවක් මෙමගින් ලබා දෙනු ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ අහංගම VTA හෝටල් පුහුණු මධ්‍යස්ථානයේ පවත්වනු ලබන පූර්ණ කාලීන හා අර්ධ කාලීන සූපවේදී පාඨමාලා සඳහා යොමුවන සිසුන්ට ලෝකයේ විවිධ රටවල රැකියා අවස්ථා හිමිවන අතර එම විදෙස් රටවලට අවශ්‍ය ආහාර වට්ටෝරු අධ්‍යනය කිරීම සඳහා ද එම රටවල ආහාර සකස් කිරීමට අවශ්‍ය මුළුතැන්ගෙයි උපකරණ භාවිතයට ද අවස්ථාව මෙමගින් හිමිවේ.