Thursday, October 24, 2024
Follow Us
“විදේශ විනිමය ඉපැයිය හැකි නව මාවතක් විවර කරන වෘත්තීය ඡායාරූප ශිල්පීන්ගේ සේවය අගය කළ යුතුයි"  -අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා 

අපේ රට  ලොවට රැගෙන යමින්, විදේශ විනිමය ඉපැයිය හැකි නව මාවතක් විවර කරන වෘත්තීය ඡායාරූප ශිල්පීන්ගේ සේවය අගය කළ යුතු බව  ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා   පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 

19 වන ලෝක ඡායාරූප ශිල්පි දිනය වෙනුවෙන් කොළඹ නෙළුම් කුළුණ පරිශ්‍රයේදී  පැවැත්වූ  විශේෂ ඡායාරූප ප්‍රදර්ශනයට  සහභාගි වෙමිනි.  

ජාතික ඡායාරූප ශිල්පීන්ගේ සංගමය මගින් සංවිධානය කළ මෙම ප්‍රදර්ශනයේදී  ලොව ප්‍රකට ඡායාරූප ශිල්පියකු වන Nick Ut ගේ වියට්නාම් යුද්ධය හා සබැඳි  සුවිශේෂී ජයාරූප එකතුවක් ප්‍රදර්ශනය සඳහා එක් කර තිබුණි.

ඡායාරූප ප්‍රදර්ශනයට සමගාමීව ප්‍රවීණ ඡායාරූප ශිල්පී Nick Ut මහතා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"ලොවට පණිවුඩයක් රැගෙන යා හැකි දෙස් විදෙස් ශිල්පීන් බොහෝ දෙනෙකු සම්බන්ධ කරගනිමින් මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ වෘත්තීය ඡායාරූප ශිල්පීන්ගේ සංගමයට  මා විශේෂයෙන්ම ස්තූතිවන්ත වනවා.

මා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන සමය තුළ රටේ තරුණ පරපුරට වෘත්තියාභිමුඛ ඡායාරූපකරණය පිළිබඳ අවබෝධයක්  ලබාගත හැකි ආකාරයට සෑම ප්‍රධාන පාසලකම ඡායාරූප සංගම් පිහිටුවීම තුළින් මේ දැවැන්ත ක්ෂේත්‍රය පිළිබඳව අත්දැකීම් ලබාදීමට කටයුතු කළා.

ලාල් හෑගොඩ වැනි ප්‍රවීණයින් මෙරට ඡායාරූප ක්ෂේත්‍රය නගා සිටුවීම වෙනුවෙන් කරන ලද මෙහෙවර වැනිම මෙහෙවරක් වර්තමානය තුලත් කළ යුතුව පවතිනවා. විශේෂයෙන්ම දිනපතා පුවත්පත් වසර සිය ගණනක් තිස්සේ පලකෙරෙන ලේක්හවුස් ආයතනය අප අමාත්‍යාංශය යටතේ පවතිනවා. එම පුවත්පත්වල වෘත්තීය ඡායාරූප ශිල්පීන්ගේ උසස් ඡායාරූප දිනපතා පළ කිරීමට ඉඩක් වෙන් කිරීමටත්, එලෙස වසරක් පුරා පලවන ඡායාරූප අතරින් විශිෂ්ටතම ඡායාරූප වෙනුවෙන් වටිනා ත්‍යාගයක් ලබාදීමට ද අපට කටයුතු කළ හැකියි.

 

දෙස් විදෙස්ස ඡායාරූප ශිල්පීන් විශාල පිරිසක් සම්බන්ධ කර ගනිමින්, අපේ රට ලෝකයට රැගෙන යන්නටත්, විදේශ විනිමය උපයා ගත හැකි නව මාර්ගයක් විවර කරන්නටත් කටයුතු කරන නිලධාරින් ඇතුළු සියලු දෙනාටම මගේ ගෞරවය පිරිනමනවා."