Thursday, October 24, 2024
Follow Us
කොළඹ රි‍ජ්වේ ආර්යා ළමා රෝහලට නාවික හමුදාවෙන් සමාජ සත්කාරයක් 

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගී දරුවන්ගේ පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් එම රෝහලේ අබලන් වූ ඇඳන් ඇතුළු අනෙකුත් උපකරණ නාවික හමුදාවේ දායකත්වයෙන් අළුත්වැඩියාකර එම රෝහල වෙත භාරදීම ඊයේ  (17)  සිදුකෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත, නාවික හමුදා සමාජ සත්කාරයක් ලෙස සිදුකළ රිජ්වේ ආර්යා ළමා රෝහලේ රෝහල් ඇඳන් ඇතුළු අනෙකුත් පහසුකම් අළුත්වැඩියාව නාවික හමුදා ඉංජිනේරු ශිල්පීන්ගේ දායකත්වයෙන් හා රිජ්වේ ආර්යා ළමා රෝහලේ මූල්‍ය දායකත්වයෙන් 2023 ජුලි මස 31 වන දින ආරම්භ කෙරිණි. ඒ අනුව, සමාජ සත්කාරයක් ලෙස සිදුකළ මෙම අළුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය යටතේ අබලන් තත්වයේ තිබූ රෝගී ඇඳන් පනස් හතරක් (54), Laundry Rack පහක් (05) සහ ඔක්සිජන් රඳවන එකක් (01) කඩිනමින් අළුත්වැඩියා කර තිබේ. 

නාවික හමුදාව විසින් සිදුකළ මෙම සමාජ සත්කාරය හේතුවෙන් නේවාසික ‍රෝගී දරුවන් වෙනුවෙන් අත්‍යාවශ්‍යව පැවති පහසුකම් කඩිනමින් පුළුල් කිරීමට හැකිවීම සම්බන්ධයෙන් රෝහල් කාර්යය මණ්ඩලය නාවික හමුදාව වෙත ඔවුන්ගේ ප්‍රශංසාව පළ  කිරීමද එහිදී සිදුකෙරිණි.