Thursday, October 24, 2024
Follow Us
කම්කරු අයිතිවාසිකම් ආරක්ෂණයට වැඩසටහනක්

රැකියාවන්වල නියුතු ශ්‍රමිකයින්ගේ රැකියාවක් අහිමිවන විට රක්ෂණ ක්‍රමවේදයක් හරහා වන්දි මුදල් ලබාදීම ඇතුළු කම්කරු ආරක්ෂණය වෙනුවෙන් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන්වලට අදාලව ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් කරනු ලබන ක්‍රියාකාරී අධ්‍යයන් පිළිබද අමාත්‍යවරයා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ඉහළ නිලධාරීන් කණ්ඩායම් සමග තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්විණ.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ප්‍රධාන තාක්ෂණික උපදේශක Simon Brimblecombe සහ ජ්‍යෙෂ්ඨ සමාජ ආරක්ෂණ විශේෂඥ Mariko Ouchi, සමග මෙම සාකච්ඡාව පවත්වනු ලැබුවා.

විරැකියා රක්ෂණයක් හදුන්වාදීම, මාතෘ ප්‍රතිලාභ සහ රැකියාවට අදාළ වන්දි හඳුන්වාදීම වැනි වැඩසටහන් ඇතුළත් කම්කරු ප්‍රතිසංස්කරණ වැඩසටහන් සඳහා මේ වන විට සාධනීය ආරම්භයන් ලබාගැනීමට අමාත්‍යවරයා කටයුතු කර තිබෙන අතර මේ හරහා සේවකයින්ගේ වෘත්තීය සුරක්ෂිතතාවය තහවුරු කිරීමට කටයුතු කරනු ලබයි.
මෙම වැඩසටහන්වලට අදාළව ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ව්‍යාපෘති උපදේශනය සම්බන්ධයෙන් දින දෙකක ධාරිතා ගොඩනැගීමේ වැඩසටහනක් සංවිධානය කර තිබූ අතර සමාජ ආරක්ෂණය සහ විරැකියා රක්ෂණය පිළිබද මෙහෙිදී අවධානය යොමු කරනු ලැබුවේය. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නියෝජිතයින් මෙන්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ද සහභාගීවූ මෙම වැඩසටහන යටතේ විරැකියා රක්ෂණයේ කාර්යභාරය අවභෝධ කරගැනීම, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ප්‍රමිතීන් සමග සහභාගීවන්නන් දැනුවත් කිරීමටද කටයුතු කර තිබුණි.
මේ අතර සමාජ ආරක්ෂණය සදහා කැපවූ ජාතික කමිටුවක් පිහිටුවීමටත් ඒ සදහා මුදල් අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුව සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංය ඇතුළත් කරගැනීමටත් නියමිතව ඇත. ජාත්‍යන්තර කම්කරු සංවිධානය එහි නිරීක්ෂකයෙක් ලෙස සහභාගී වීමටද නියමිතව තිබේ.