Thursday, October 24, 2024
Follow Us
නිළි දියණි පෙම් යුවළගේ නිරුවත් රූ ‘ශෙයා’ කිරීම ගැන CIDයෙන් විමර්ශනයක්

රවීණ නිළියකගේ දියණියක හා ඇයගේ පෙම්වතාගේ නිරුවත් ඡායාරූප වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රචාරය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය ඊයේ (11) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා වෙත කරුණු වාර්තා කළේය.


නිළියගේ දියණිය සිය පෙම්වතා සමඟ සිටින අවස්ථාවක් සිය දුරකතනයේ සටහන් වී තිබුණු අතර, එකී දර්ශන යෙහෙළියක විසින් සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය කරන්නට ඇතැයි පැමිණිලිකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අංශය වෙත පැමිණිල්ලක් කරමින් සඳහන් කර ඇත.
අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බවටත්, මේ දර්ශනය ජාලගතව ප්‍රචාරය වීම සිදු ව ඇති බැවින් මෙහි විමර්ශන සංකීර්ණ බවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. අදාළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

-Dinamina