Thursday, October 24, 2024
Follow Us
ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය පුද්ගලයින්ගේ දත්තවලට කිසිදු හානියක් නෑ

ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය නිසා මෙරට පුද්ගලයින්ගේ දත්තවල ආරක්ෂාවට කිසිදු හානියක් සිදු නොවන බවත් වසර 10ක් පමණ ප්‍රමාද වී ඇති ඩිජිටල්කරණ ව්‍යාපෘතිය තවදුරටත් ප්‍රමාද කිරීමට කටයුතු නොකරන්නැයි ඉල්ලා සිටින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය මගින් මෙරට පුරවැසියන්ගේ දත්තවල පෞද්ගලික ආරක්ෂාව යම් අවදානමකට ලක් වන්නේද යන්න් සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27/2 යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මේ සඳහා තෝරාගෙන තිබෙන්නේ ලෝකයේ තිබෙන ඉතා ප්‍රසිද්ධ ආයතනයක් බවයි. මෙය ගෝලීය ප්‍රමිතියට අනුකූලවය අනුව සිදුකරන පැලැට්පෝම් එකක් බවද හෙතෙම සඳහන් කළේය.

පුරවැසියන්ගේ දත්තවල ආරක්ෂාවට මෙමගින් කිසිදු බලපෑමක් සිදු නොවන බව සහතික විය හැකි බව හෙතෙම පෙන්වා දුන්නේය.

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතට අනුව මෙහි දත්ත ආරක්ෂා කෙරෙනවා.එබැවින් රටේ සෛවරී බාවයට කිසිදු තර්ජනයක් සිදු වන්නෙ නැහැ. ශ්‍රී ලංකා සර්ට් ආයතනය මෙම ව්‍යාපෘතිය නිරන්තරයෙන් අධීක්ෂණය කරනවා. කිසි සේත්ම දත්ත. වෙනත් පාර්ශවයකට ගන්න විදියක් නැහැ. තාක්ෂණයෙන් අපි වසර 10ක් පසු පසින් ඉන්නේ. එම නිසා මෙම ව්‍යාපෘතිය වළක්වන්න කටයුතු කරන්න එපා. මෙය ජාතික අවශ්‍යතාවයක් යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.