Thursday, October 24, 2024
Follow Us
"සුව ධරණී - සතිමත්භාවය - සති පාසල් සංකල්පය"

"සුව ධරණී - සතිමත්භාවය - සති පාසල් සංකල්පය" නමින් පාසල් ළමුන් කේන්ද්‍ර කර ගත් වැඩපිළිවෙළක් දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාවට නංවා තිබේ.

රටේ අනාගතයවන් දරුකැලගේ කායික මෙන්ම මානසික සංවර්ධනය තුළින් නිරෝගී දරු පරපුරක් බවට පත් කරලීම උදෙසා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා සංකල්පයකට අනුව මෙය ක්‍රියාත්මක වේ.

පාසල් ළමුන් මත්ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් දුරාචාරයන් උදෙසා යොමු වීම වළක්වාලීම, මනා විනයකින් සහ හික්මීමකින් යුත් පරපුරක් බවට පත් කරලීම උදෙසා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබේ.

මෙහි මූලික අදියර බස්නාහිර පළාතේ පාසල් කේන්ද්‍ර කර ගනිමින් ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු කරනු ලබන අතර ඒ සඳහා දායක වන ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් උදෙසා සතිමත්භාවය ඇති කිරීම පිළිබඳ භාවනා යෝගී පුහුණුව ලබා දීම දෙකටන, බවුන්සෙත් මානසික සුව සෙවණේදී පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් අද (04) දින සිදු කෙරිණ.

එම අවස්ථාවට දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා, බස්නාහිර පළාත් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.