Friday, October 25, 2024
Follow Us
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය නව මණ්ඩපයක් කුරුණෑගලට
  • ඉදිරි උසස් අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීම සඳහා කොතලාවල ආරක්ෂයක විශ්වවිද්‍යාලයේ පහසුකම් පුළුල් කෙරේ.
  •  දක්ෂියණ මණ්ඩපයේ අංගසම්පූර්ණ නව කෙඩෙට් නිලධාරි භෝජනාගාරය සහ නිවස්න පහසුකම් සිසු අයිතියට.කොතලාවල ආරක්ෂිත විශ්වවිද්‍යාලීය නිර්මිත පරිසර පර්යේෂණ සංග්‍රහය (Journal of Built Environment)සහ කාර්මික සඟරාව (Industrial Magazine ‘QUALITY- for Sustainable Future’)නිකුත් කරයි

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නව මණ්ඩපයක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටුවීමේ කටයුතු සිදුකරමින් සිටින බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (28) යළි අවධාරණය කළේය.

මෙතුලින් අපගේ සිසුපරපුරට ගෝලීය මට්ටමේ, කාලානුරූපී සහ විනයගරුක අධ්‍යාපනයක් මෙන්ම රැකියා සුරක්ෂිකතාවන් සමඟින් අසමසම අත්දැකීමක් අත්විඳීමට අවස්ථාවන් සැලසෙන බව සූරියවැව පිහිටි ජෙනරල් ශ්‍රී ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ පැවති උත්සවයක් අමතමින් ආරක්ෂරක ලේකම්වරයා පැවසීය.
දක්ෂිාණ මණ්ඩපයට ඇත්තේ වසර අටක කෙටි ඉතිහාසයක් වුවද,එය තුලින් අප ජාතියට ඇති කළ වෙනස සුවිශේෂී බව ජෙනරල් ගුණරත්න පැවසූවේ මෙම මණ්ඩපයට ඔහු මීට පෙර සිදුකළ සංචාරය සිහිපත් කරමිනි.
කොතලාවල ආරක්ෂික විශ්වවිද්‍යාලීය දක්ෂිණ මණ්ඩපයෙහි අභිනවයෙන් ඉදිකරන ලද කෙඩෙට් නිලධාරි නිවස්නය, කාන්තා සහ පිරිමි කෙඩෙට් නිලධාරි නේවාසිකාගාර සංකීර්ණයන් විවෘත කිරීම, පර්යේෂණ සංග්‍රහයක් සහ සඟරාවක් එළිදැක්වීමේ උත්සවයට සහභාගි වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ජෙනරල් ගුණරත්න එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී කොතලාවල ආරක්ෂාක විශ්වවිද්‍යාලයේ කුලපති ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ (විශ්‍රාමික) සහ උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් විසින් පිළිගනු ලැබූ අතර, අදාළ විවෘත කිරීමේ උත්සවවලින් අනතුරුව නව පහසුකම් නිරීක්ෂලණය කරන ලදි.
සම්මානිත මහාචාර්ය ලලිත් ද සිල්වා විසින් කොතලාවල ආරක්ෂලක විශ්වවිද්‍යාලයේ නිර්මිත පරිසර පර්යේෂණ සංග්‍රහය එළිදැක්වීමේ ප්‍රධාන දේශනය පැවැත්වූ අතර,' QUALITY- for Sustainable'සඟරාව එළිදැක්වීමේ ප්‍රධාන දේශනය මහාචාර්ය සමන් යාපා විසින් පවත්වන ලදී. එහි ඊ-අනුවාදයන් ද මෙම අවස්ථාවේදී එළිදැක්විණි.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සංජය වනසිංහ,ආරකක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්ෂක) ධම්මිකා විජයසිංහ සහ අතිරේක ලේකම් (පාර්ලිමේන්තු කටයුතු) ඉන්දිකා විජේගුණවර්ධන, දක්ෂිඅණ මණ්ඩපාධිපති මේජර් ජෙනරල් රොබින් ජයසූරිය, ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.