Friday, October 25, 2024
Follow Us
හන්තානේ ඉඩම් කට්ටි කිරීමේ ව්‍යාපෘතියට ආණ්ඩුකාරගෙන් නියෝග

හන්තාන වතුයායේ ඉඩම් කට්ටි කිරීමේ වැඩසටහන අත්හිටුවන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.


අධි සංවේදී පරිසර කලාපයක් වන හන්තානේ ඉඩම් කැබලි විස්සක් වෙන් කොට බෙදා දීමට ජනතා වතු සංවර්ධන මණ්ඩලය ගෙන ඇති තීරණය පිළිබඳව අවධානය යොමු කරමින් ඒ මහතා මෙම තීරණයට එළඹිණි.
අධි සංවේදී පරිසර කලාපයක් මෙන්ම, ජල පෝෂක ප්‍රදේශයක් වන හන්තාන පරිසර පද්ධතිය තුළ පරිසර ආරක්ෂණය පිළිබඳව අවධානය යොමු විය යුතු යැයි පෙන්වා දුන් ඒ මහතා ඉඩම් කට්ටි කිරීම පිළිබඳව තවදුරටත් විමර්ශනය කළ යුතු දැයි පෙන්වා දුන්නේය.
මෙම ව්‍යාපෘතිය තව දුරටත් විනිවිදභාවයෙන් යුක්ත විය යුතු බවත් මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුලු අදාලා ආයතන මගින් විධිමත් වාර්තාවක් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ලබා දිය යුතු යැයි ආණ්ඩුකාර නීති ඥ ලලිත් යූ.ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.