Friday, October 25, 2024
Follow Us
ලෝක විවාහක මිහිතල රැජින කිරුළ ශ්‍රී ලංකාවට

2023 ‍ලෝක විවාහක මිහිතල රැජින කිරුළ (Miss Earth Sri Lanka 2023) හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ සශ්මි දිසානායක සමත්ව තිබේ.

පිලිපීනයේ මැනිලා නුවර Bay Area Paranaque නගරයේ පැවැති මෙම ‘‘ Mrs. Earth international – 2023‘‘ තරගාවලිය සඳහා පිලිපිනය, ජපානය, ඇමෙරිකාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිංගප්පූරුව, නයිජීරියාව ඇතුළු රටවල් ගණනාවක රුවැත්තියන් රැසක් තරග වැදුණි.

සශ්මි දිසානායක මෙම කිරුළට අමතරව Mrs personality, Mrs best catwalk, Mrs best talent, Mrs best model, Mrs best figure, Mrs fitness යන සියලු අනු තරගාවලියන්ගේ ද ජයග්‍රාහිකාව බවට පත්විය.

Dinamina