Friday, October 25, 2024
Follow Us
Cinec Innovation & Invention Edu Expo 2023 ජූලි මස 27, 28, 29 Cinec Campus පරිශ්‍රයේදී

Cinec උසස් අධ්‍යාපන ආයතනය විසින් සංවිධාන කරනු ලබන Innovation & Invention Edu Expo 2023 අධ්‍යාපන ප්‍රදර්ශනය ජූලි මස 27, 28, 29 යන දිනවලදී මාලබේ Cinec Campus පරිශ්‍රයේදී උදෑසන 08 සිට රාත්‍රී 07 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

Cinec Campus හි සිසු සිසුවියන් විසින් කරන ලද නවෝත්පාදන හා නිර්මාණාත්මක ප්‍රදර්ශන කුටි විශාල සංඛ්‍යාවකින් සහ විවිධ වැඩමුළු හා ව්‍යාපෘතිවලින් මෙය සමන්විත වේ. Cinec Campus හි ප්‍රධාන පීඨ වන නාවික, ඉංජිනේරු, කළමනාකරණ, තොරතුරු තාක්ෂණ, සෞඛ්‍ය විද්‍යා, ඉංග්‍රීසි භාෂා, අධ්‍යාපන, ගුවන් යානා නඩත්තු ඉංජිනේරු පීඨවල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කරනු ලබන නිර්මාණාත්මක සහ නවෝත්පාදන ප්‍රදර්ශන කුටි එදින පැමිණෙන සිසු සිසුවියන් සහ ඔවුන්ගේ මාපියන් සඳහා විවෘතව ඇති අතර මෙමඟින් විෂයානුබද්ධ සහ ඊට පරිබාහිර විශාල දැනුමක් ලැබිය හැකි බව Cinec Campus හි ජ්‍යෙෂ්ඨ උපදේශක අද්මිරාල් තිසර සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. මේ ප්‍රදර්ශනය නැරඹීමට සහභාගී වන ලෙස Cinec Campus හි සියලුම පීඨාධිපතිවරු මහජනයාට ගෞරවයෙන් ආරාධනා කරති.