Friday, October 25, 2024
Follow Us
දුම්රිය වර්ජනය තවදුරටත් – කාර්යාල දුම්රිය 11 ක් අවලංගු කෙරේ

දුම්රිය රියදුරු වෘත්තීය සමිතියක් විසින් ආරම්භ කළ වර්ජනය හේතුවෙන් අද (24) උදෑසන කාලයේ දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ (23) දුම්රිය ගමන් වාර 21ක් පමණ අවලංගු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොලගේ මහතා පැවසුවේය.

ධාවනාගාර සේවක වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අද (24) උදෑසන ධාවනයට නියමිත කාර්යාල දුම්රිය 10 ක් අවලංගු කර තිබෙයි

එම දුම්රිය ගමන්වාර පහතින්,

දුම්රිය අංක 3801 – පෙ.ව.04/20 හලාවත – මොරටුව

දුම්රිය අංක 8302 – පෙ.ව.03/10 අලුත්ගම- අඹේපුස්ස

දුම්රිය අංක 8342 – පෙ.ව.07/05 අලුත්ගම මරදාන

දුම්රිය අංක 4856 – පෙ.ව.03/55 ගනේවත්ත – පානදුර

දුම්රිය අංක 1525 – පෙ.ව.06/30 මීරිගම – කොළඹ කොටුව

දුම්රිය අංක 1526 – පෙ.ව. 06/22 පොල්ගහවෙල – මොරටුව

දුම්රිය අංක 1527 – පෙ.ව.04/50 රඹුක්කන – මොරටුව

දුම්රිය අංක 1528 – පෙ.ව.05/20 පොල්ගහවෙල – කොළඹ කොටුව

දුම්රිය අංක 9650 – පෙ.ව. 07/10 පාදුක්ක – කොළඹ කොටුව

දුම්රිය අංක 9652 – පෙ.ව.06/05 කොස්ගම – කොළඹ කොටුව

 

-Dinamina