Friday, October 25, 2024
Follow Us
ක්‍රීඩාවේ වංචා හා දූෂණ වැලැක්විමේ ඒකකය ශක්තිමත් කිරිමට නව සැලසුම් රැසක්

ක්‍රීඩාවේ වංචා හා දූෂණ වැලැක්විමේ ඒකකය ශක්තිමත් කිරිමට නව සැලසුම් රැසක් ඇති බව ජාතික ක්‍රිඩා සභාවේ සාමාජික, පොලිස්පති සි.ඩී. වික්‍රමරත්න මහතා පවසයි.

ක්‍රීඩා හා යෞවන කටයුතු, වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා හමු වූ අවස්ථාවේ දී ඔහු මේ බව ප්‍රකාශ කළ අතර ඉන්ටපෝල් ආයතනයත්, එක්සත් ජාතින්ගේ ක්‍රිඩා දූෂණ මර්ධන ඒකකයත් සමඟ එකතුව ක්‍රීඩා හා වංචා දූෂණ වැළැක්විමට සහය ලබා ගැනීමට ද, මේ සඳහා පිහිටුවා ඇති විශේෂ පොලිස් ඒකකය නිසියාකාරව බල ගන්වමින් විධිමත්ව පවත්වාගෙන යාමට ද අවශ්‍ය සහයෝගය හා මගපෙන්වීම ලබා දෙන බව ද පැවසිය.

ක්‍රීඩාව හා සම්බන්ධව සිදුවන වංචා හා දූෂණ වැලැක්වීමේ විමර්ශන ඒකකය ශක්තිමත් කිරිමේ අවශ්‍යතාව පිළිබද මින් පෙර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සමඟ පැවති සාකච්ඡාවේ දී මේ සඳහා එතුමාගේ ද පූර්ණ සහයෝගය ලබා දෙන බව පවසා තිබේ.

එමෙන්ම අතිරේක සොලිසිටර් ජනරල් සුමති ධර්මවර්ධන මහත්මා නිතිපතිතුමා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමින් වංචා හා දූෂණ වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ අත්‍යවශ්‍යතාව පිළිබදව පැහැදිලි කර දී ඇත.
ඒ අනුව 2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්විමේ පනත යටතේ ස්ථාපිත විශේෂ පොලිස් විමර්ශන ඒකකය තව තවත් ශක්තිමත් කර ක්‍රිඩාවන්හි සහ ක්‍රිඩා සංගම්හි වංචා හා දූෂණ වැලැක්වීමට විධිමත් නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි.