Friday, October 25, 2024
Follow Us
කොළඹ විවෘත දුනු විදීමේ ජාත්‍යන්තර තරඟාවලය

ක්‍රිඩාව පෞරුෂය වර්ධනය කරගැනීමටත්, ජීවිතයේ වටිනා පාඩම් ඉගෙන ගැනීමටත් මෙන්ම එමගින් ජාතික අභිමානය පෝෂණය කිරීමත් සිදුකරන බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි.

දියගම මහින්ද රාජපක්‍ෂ ‍ක්‍රීඩාංගණයේ පැවති කොළඹ විවෘත දුනු විදීමේ ජාත්‍යන්තර තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් ඒ් මහතා මේ බව සඳහන් කළේය.

මෙම තරඟාවලියට තරගකරුවන් විශාල පිරිසක් සහභාගී වු අතර, එහිදී ක්‍රීඩකයින් අතර තියුණු තරඟයක් ද දැක ගත හැකිවිය .
ජෙනරල් ගුණරත්න මහතා ක්‍රීඩාංගණයේ පිරී සිටි ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් අමතමින් ජ්‍යත්‍යන්තරය තුළ අපගේ ජාතිය ඔසවා තැබු අභිමානවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන සඳහන් කරමින් “අපි සැමවිටම ක්‍රීඩාව එක්සත්භාවයේ හා එකමුතුකමේ බලවේගයක් ලෙස වැදගත්කම හඳුනාගෙන සිටිමු” යැයි පැවසීය.
ආරක්‍ෂක ලේකම්වරයා සහභාගී වූ සියලුම දෙනාගේ කැපවීම, දක්ෂතාවය සහ ක්‍රීඩාශීලිත්වය වෙනුවෙන් සිය සුභ පැතුම් පිරිනැමූ අතර, ලෝක වාර්තා අතරට යාමට උත්සාහ කරන දුනුවායන් ඇතුළු සියලුම ජයග්‍රාහකයින්ට ප්‍රශංසා එක්කළේය.
ශ්‍රී ලංකාවේ දුනු ශිල්පය ක්‍රීඩාවක් ලෙස වැඩිදියුණු කිරීමට මූලිකව ක්‍රියාකල කපිතාන් ඉන්ද්‍රනාත් පෙරේරාගේ අතිමහත් දායකත්වය ද ඔහු මෙහිදි සිහිපත් කළේය.
දියගම ක්‍රීඩාංගනයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි, කපිතාන් (විශ්‍රාමික) ඉන්ද්‍රනාත් පෙරේරා, දුනු විදීමේ සංවිධායක කමිටුව සහ ක්‍රීඩකයින් මෙම උත්සවයට සහභාගි වූහ.