Friday, October 25, 2024
Follow Us
පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් පොලිසිය වටලයි

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරනු ලබන මධ්‍යස්ථානයක් පොලිසිය විසින් වටලා තිබේ.

පොලිසිය සඳහන් කළේ, දෙහිවල – මල්වත්ත පාර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අදාළ මධ්‍යස්ථානය ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ ලියාපදිංචි කිරීමක් සිදු කර නොමැති බවයි.

ඒ හේතුවෙන් නීති විරෝධී ලෙස මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය පුද්ගලයෙක් සහ ඔහුට සහය ලබා දුන් බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

එම ස්ථානයේ පුනරුත්ථාපනය වෙමින් සිටි පුද්ගලයන් 34 දෙනෙකු සිට ඇති අතර ඔවුන්ට අවශ්‍ය අවම පහසුකම් හෝ එහි තිබී නොමැත.

මේ වනවිට පුනරුත්ථාපනය වෙමින් සිටි පුද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් ස්ථානයේ රඳවා සිටින බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 50 හා 51 වයස්වල පසුවන දෙහිවල හා බොරැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

ඒ අනුව ගොවි ජනතාවට සිය කැමැත්ත පරීදි පෞද්ගලික අංශයෙන් හෝ රජයේ පොහොර සංස්ථාව මඟින් රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීමට හැකි බව මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කරයි.

-Aruna