Friday, October 25, 2024
Follow Us
මහාධිකරණ නඩුවලින් 33%ක් ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ

මෙරට මහාධිකරණය තුළ පවතින නඩුවලින් 33%ක් ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ සම්බන්ධ නඩු බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

රටේ සමස්ත අධිකරණ පද්ධතිය තුළ ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ සම්බන්ධ නඩු 24700ක් පමණ තිබෙන බවද අධිකරණ ඇමැතිවරයා සඳහන් කළේය.

‘මෙරට මහාධිකරණ තුළ පවතින නඩු 29700න් 9800ක්ම ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ සම්බන්ධ නඩු බවට ගණන් බලා තිබෙනවා. ඒ කියන්නේ මහාධිකරණවල තිබෙන නඩුවලින් 33%ක් ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ සම්බන්ධ නඩු කියන එකයි. මෙම තත්ත්වය පිළිබඳ අපි කණගාටු විය යුතුයි. සමාජය නිවැරදි මාර්ගයට ගෙන ඒම නීතියෙන් පමණක් කළ නොහැකියි. ඒ සඳහා සියලුදෙනා එක්ව සමාජ යහපත උදෙසා කටයුතු කළ යුතු යැයි අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේය.

Aruna