Friday, October 25, 2024
Follow Us
පඬු කරඳ ගස ඉවත් කළේ  කැබිනට් අනුමැතියක් සහිතවයි - ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන
මධ්යම අධිවේගී මාර්ග ව්යාපෘතියට බාධාවක්ව පැවති මතභේදයට තුඩුදුන් පඬු කරඳ ශාකය කපා ඉවත් කිරීම පිළිබඳව ප්රවාහන මහාමාර්ග හා ජනමාධ්ය අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අද (11) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී කරුණු පැහැදිලි කරනු ලැබීය.

දේශපාලන හා වෙනත් විවිධ හේතූන් මත "අවුරුදු එකසිය ගානක් පරණයි, මේක මෙතනින් ඉවත් කරන්නට දෙන්නෙ නැහැ " කියමින් ඉවත් කිරීමට ඉඩ නොදුන් මෙම ගස ඉතිරි කරමින් මාර්ගය ඉදි කිරීමට අමතර රුපියල් බිලියන 15ක මුදලක අලාභයක් සිදු වනවා.

රට අන්තයටම වැටී තිබෙන අවස්ථාවක වුවත් අධිවේගී මාර්ග කෙසේ හෝ නිම කිරීමට උත්සාහ කරන අවස්ථාවේදී මෙම ව්යාපෘතිය සිදු කෙරෙන ප්රදේශය අවට අවුරුදු 40 කට වඩා පැරණි පඬු කරඳ ගස් 15ක්‌ පවතින බව මට වාර්තා වුණා. උස අඩි 12 ත් 15 ත් අතර ගස් 25ක් පවතිනවා. අවශ්ය ඕනෑම කෙනෙකුට ව්යාපෘතිය භාර නිලධාරීන් එම ගස් පෙන්වීමට සූදානම්. මෙම ගස වෙනුවට ගස් 200ක්‌ නැවත රෝපණය කිරීමට අවශ්ය වැඩපිළිවෙළ සකස් කර තිබෙනවා.
මෙම සියලු කරුණු මා කැබිනට් මණ්ඩලය වෙත දැනුම් දුන්නා. මෙය විශාල අපරාධයක්, බොරුවක්, මිත්යාවක් රට පුරා වපුරා සිදු කළ කඩාකප්පල්කාරී තත්වයක් බවත්, අවට පවතින ගස් ප්රමාණය පිලිබඳවත්, උද්භිද විද්යාඥයින් විසින් ඕනෑතරම් ශාක ප්රමාණයක් වගා කර දිය හැකි බවත් ප්රකාශ කර තිබෙන බවත් පෙන්වා දෙමින් මෙම ගස කපා ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය මා ඉල්ලා සිටියා. අවශ්ය තරම් ප්රමාණයක් ගත් වගා කර ගත හැකිව තිබිය දී බිලියන පහළොවක් පාඩු කර නොගනිමින් ජාතික අවශ්යතාවයක් වෙනුවෙන් මෙම ගස කපා ඉවත් කිරීමට අවශ්ය කැබිනට් අනුමැතිය ලබාදුන්නා. ඒ අනුව මෙම ගස ඉවත් කරනු ලැබුවේ පූර්ණ කැබිනට් අනුමැතිය සහිතවයි. එය රජයේ ප්රතිපත්තිමය තීරණයක්. මෙවැනි වටිනා තීරණ වලට මෙරට විද්වතුන්, රටේ උරුමකරුවන් ඉතිහාසයේ පටන්ම විශාල පරිත්යාග සිදු කර තිබෙනවා.
මහවැලි ගඟ උතුරට හැරවීමේ ව්යාපෘතියේ දී කොත්මලේ දුටුගැමුණු පුරාවෘත්තය හා සම්බන්ධ විශාල පෞරාණික වටිනාකමකින් යුතු වෙහෙර විහාර පැවතුණා. උපනූපන් පරම්පරාවල යහපත වෙනුවෙන් මහවැලි දිය කඳ ලබාදීම උදෙසා එම ගම් වාසීන් සිය පාරම්පරික උරුමයන් අතහැර වෙනත් ස්ථානවල පදිංචි වුණා. අද මහවැලිය ගොඩනැගී තිබෙන්නේ ඒ ආකාරයෙන්.
පටු අරමුණු වලින් යුතුව කටයුතු කරන සුළු පිරිසකගේ අවශ්යතාවයන් වෙනුවෙන් ඉඩ ලබාදීමට හැකියාවක් නැහැ. මාගේ ඉල්ලීම පරිදි රජයේ ප්රතිපත්තිමය තීරණයක් අනුව මේ ගස ඉවත් කරනු ලබන අතර, අලුතෙන් රෝපණය කරන ගස් දෙසිය අතරින් ජනමාධ්ය අමාත්යංශ භූමියේ මාධ්යවේදීන්ට ද දැක බලා ගත හැකි පරිදි පැලයක් රෝපණය කිරීමටත්, ප්රවාහන හා මහා මාර්ග අමාත්යාංශය භූමියේ පැල කීපයකුත්, සිහිවටනයක් ලෙස මාගේ නිවස ඉදිරිපිට පඬු කරද පැල කිහිපයක් රෝපණය කර දෙන ලෙසත් මා ඉල්ලීමක් කලා.