Friday, October 25, 2024
Follow Us

රිදීගම, ‌‍ඓතිහාසික රිදී විහාරය කේන්ද්‍ර කරගනිමින් පැවති ප්‍රථම පුස්කොළ ලේඛන පිළිබඳ හය මාසික සහතික පත්‍ර පාඨමාලාවේ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය සහ දෙවන කණ්ඩායමේ පාඨමාලා සමාරම්භක උත්සවය, ශ්‍රී සිද්ධාර්ථ පුස්කොළ ලේඛන අධ්‍යයන සහ පර්යේෂණ ආයතනය විසින් විහාරස්ථ සම්මන්ත්‍රණ ශාලාවේ දී ජූලි 01 සෙනසුරාදා පස්වරු 2.00ට පැවැත්වීමට නියමිතයි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ අධීක්ෂණය සහ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මෙම නව වැඩසටහන් මාලාව මගින් රටටත්, මුළු මහත් ලෝකයටත් වැදගත් වන විවිධ විෂයයන් සම්බන්ධ ‌ඓතිහාසික තොරතුරු අනාගතය වෙනුවෙන් ආරක්ෂාකර ගැනීමටත්, අභාවයට යමින් පවතින පරිශීලකයන් සහ පර්යේෂකයින් ප්‍රමාණය වැඩි කරමින් නව ගිහි - පැවිදි දෙපාර්ෂවයෙන්ම පරිශීලකයන් සහ පර්යේෂකයින් බිහි කිරීම මූලික පරමාර්ථය කර ගනිමින් මෙම පාඨමාලාව ඇතුළු වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කෙරේ.
පුස්කොළ ලේඛන කලාව හා බැඳුණු සංස්කෘතිය හඳුන්වාදීම, පුස්කොළ ලිවීම සහ ඒ ආශ්‍රිත කලාංග පිළිබඳ වෘත්තීයමය නිපුණතාව ලබාදීම සහ ඒ ආශ්‍රිත නිර්මාණ කරමින් හස්ත කර්මාන්තයක් වශයෙන් පවත්වාගෙන යාමට මග පෙන්වීම, සංරක්ෂණයට සංවේදී අධ්‍යයනයට යොමුවන විද්‍යාර්ථීන් පිරිසක් බිහි කිරීම ඇතුළු කරුණු රැසක් අරමුණු කර ගනිමින් මෙම පාඨමාලාව පැවැත්වෙයි.