Friday, October 25, 2024
Follow Us
"80 CLUB" විවෘත වෙයි

පෞරාණික වටිනාකමක් සහිත ඉඩම් සහ ගොඩනැගිලි ජාතික උරුම කලාපයක් ලෙස සංර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ කොළඹ පිහිටි "එයිටි ක්ලබ්" පැරණිමත සමාජ ශාලව සංවර්ධනය කර ජනතාවට විවෘත කෙරිණි.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා ප්‍රකාශ කළේ මෙවැනි පෞරාණික වටිනාකම් ඇති තැන් ජාතික උරුම කලාප ලෙස සංවර්ධනය කරන බවයි.

“එයිටි ක්ලබ්” යනු කොළඹ පැරණිතම සමාජ ශාලාවකි. මහනුවර ක්වීන්ස් හෝටලයේ අංක 80 කාමරයේ සාමාජිකයන් කිහිප දෙනෙකු පළමු රැස්වීම පවත්වා ආරම්භ කිරීම හේතුවෙන් මෙම සමාජය “එයිටි ක්ලබ්” (80 CLUB) නමින් හැඳින්වේ. පසුකලෙක එය මෙලෙස කොළඹ 07 නිදහස් මාවතේ ස්ථාපිත කර තිබේ.

2020 වසරේදී මෙය රජයට පවරා ගැනීමෙන් අනතුරුව නාගරික සංවර්ධන අධිකාරිය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහය ඇතිව මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර තිබේ.

ප්‍රතිසංස්කරණ කටයුතු වලින් පසුව මෙය යළි විවෘත කෙරුණේ 2021 වසරේදීය. නව අවන්හල්, රැස්වීම් කාමර සහ පුද්ගලික සිනමා කාමරය ඇතුළු නවීනතම එකතු කිරීම් හරහා වර්තමානය වන විට අලංකාරවත් නිමාවක් එයිටි ක්ලබ් සඳහා ලැබී තිබේ.

සභාපතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

"නාගරික සංවර්ධන අධිකාරියේ මිලියන 411 ක මුදලක් වියදම් කරලා 80 ක්ලබ් පරිශ්‍රය නවීකරණය කළා. මේ සදහා අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කරනකොට මේවා දියුණු කරලා මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා බැහැර කරන්න ඕනි කියලා අපිට උපදෙස් ලබා දුන්නා. ආයෝජන ඉඩම් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේවා අදුනාගෙන සංවර්ධනය කරගෙන ගියා. කොවිඩ්19 ව්‍යාපෘතිය හා ආර්ථික අර්බුද හමුවේ මීට පෙර මෙය මහජනතාවගේ පාවිච්චිය සදහා විවෘත කර තිබුණේ නෑ. මෙය උසස් ගණයේ හොටලයක් විදියට මහජනතාව අතරට පත් කරනවා.

දීර්ඝකාලීන සැලසුම වෙන්නේ අපි විසින් වියදම් කළ මුදල ආවරණය කර ගන්න මෙය දිගු කාලීන බදු පදනම මත ආයෝජකයෙක්ට බැහැර කිරීම නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම වී තිබෙන්නේ. මෙය නාගරික සංවර්ධන අධිකාරය සතු ඉඩමක්. මෙහි ආහාර පාන ඇතුළු සියළු දේ සපයන්නේ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති වෝටර්ස් එජ් හෝටලය මගින්. මෙහි සම්පූර්ණ කටයුතු සිදු වන්නේ වෝටර්ස් ඒජ් ආයතනය තුළිනුයි.

ලංකාවේ එක එක ස්ථවර වල රෙස්ටුවරන්ට් හා හෝටල් තිබෙනවා. මෙය ඉහළම ස්ථරයේ හෝටලක් ලෙස පාවිච්චි කරන්නේ. මිල ගණන් අඩු මට්ටමිකින් නැති වෙන්න පුළුවන්. මෙය මහජනයා සඳහා විවෘතයි. තමන්ගේ ඕනෑම උත්සව අවස්ථාවක් මෙහිදි පැවැත්වීමට හැකියාව තිබෙනවා. මේ වගේ තිබෙන තවත් ගොඩනැගිලි රැසක් හදුනගෙන තිබෙනවා. විසුම්පාය, ගෆුර් ගොඩනැගිල්ල, හොටෙල් ක්ලබ් ගොඩනගිල්ල, ජී.ඕ.එච්. ගොඩනැගිල්ල.ගෆුර් ගොඩනැගිල්ල සදහා ආයෝජකයින්ට කතා කරලා තිබෙනවා."