Friday, October 25, 2024
Follow Us

උසස් පෙළ උපකාරක පන්ති ක්ෂේත්‍රය නියාමනයකට ලක් කිරීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය.

උසස් පෙළ පන්තිවල අයකරන අධික ගාස්තු, එම පන්තිවල ප්‍රකාශයට පත් කෙරෙන කරුණු ආදිය පදනම් කර ගනිමින් මෙම නියාමනය කිරීමට අපේක්ෂා කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ඊයේ (16) සඳහන් කළේය.

මේ අතර, මෙවර උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ ශිෂ්‍යයන් එළඹෙන සැප්තැම්බර් මාසය වනවිට විශ්වවිද්‍යාල සඳහා ඇතුළු කරගැනීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.