Friday, October 25, 2024
Follow Us
කටුනායක ගුවන් තොටේ ‘සෝ සිලෝන් ආලින්ද පහසුකම‘ විවෘත කෙරේ

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපල පිටවීමේ මගී පර්යන්තය තුළ ගුවන් මගීන් සහ වි‍ශේෂ අමුත්තන් සඳහාවන සෝ සිලෝන් ආලින්ද පහසුකම හා ආපන ශාලා පරිශ්‍රය විවෘත කිරීම ඊයේ (11) සිදු කෙරිණි.



ඒ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි.

සෝ සමූහ ව්‍යාපාරය ආරම්භ වන්නේ 2020 වසරේදීය. එහි එක් ව්‍යාපාරයක් ලෙස සෝ චායි මුලින්ම එළිදැක්වෙන්නේ ඩුබායි හි පැවැති එක්ස්පෝ 2020 වෙළඳ ප්‍රදර්ශනයේදීය.

අන්තර්ජාතික වශයෙන් ඩුබායි සහ ඕමාන් රාජ්‍යයන් තුළදී ශ්‍රී ලංකා තේ සඳහා වන පිළිගැනීම ඉතා ඉහළ මට්ටමකට ගෙන ඒම මෙම ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණයි.

ශාන් අබේවර්ධන මහතා සෝ සමූහ ව්‍යාපාරයේ සභාපතිතුමන් ලෙසත් ශානිකා සුමනදීර මහත්මිය එහි අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරනු ලබයි.

ඉදිරියේදී ලොව පුරා බොහෝ ගුවන්තොටුපලවල මෙවන් වූ පහසුකම් රාශීයක් සහිත මෙවැනි ආලින්ද පහසුකම් ආරම්භ කිරීමටද සෝ සමූහ ව්‍යාපාරය සැලසුම් කර තිබේ.

ගුවන් තොටුපල හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ සභාපති මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි, නවලෝක සමූහ ව්‍යාපාරයේ සභාපති උපාලි ධර්මදාස යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.