Friday, October 25, 2024
Follow Us
දරුවන්ගේ ආරක්‍ෂාවට සැලසුම්


• මෙම පැරණි ක්‍රමවේදය වෙනස් කළ යුතුයි.
• තරුණයින් පෞරුෂයෙන් , ප්‍රායෝගික බවින් , දැනුමින් සහ නායකත්වයෙන් සන්නද්ධ විය යුතුයි

මෑතකදී අවාසනාවන්ත ලෙස යෞවනයන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් වාර්තා වූ නීති විරෝධී සිදුවීම් සම්බන්දයෙන් අවධානය යොමු කරමින් ,විශේෂයෙන්ම දරුවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ‘සමාජ බුද්ධි ඒකකයක්’ පිහිටුවීමට සැලසුම් කර ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ප්‍රකාශ කර සිටියේය.

අපගේ අනාගත පරපුරේ ආරක්‍ෂිත පියවරක් ලෙස සියලුම පාසල්වල සහයෝගය ඇතිව "සමාජ බුද්ධි ඒකකයක්" පිහිටුවීමට අදහස් කර ඇති බවත් එය තවමත් මූලික මට්ටමේ සාකච්ඡාවන්හි ඇති බවත් ඔහු කියා සිටියේය.

කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඊයේ (18) මේ බව සඳහන් කළේය.

පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ පාසල් ශිෂ්‍යභට උපදේශකවරුන් අමතමින් ජාතික ශිෂ්‍යභට බලකායට ප්‍රතිසංස්කරණ ගෙන ඒමේ කාලීන අවශ්‍යතාවය මෙන්ම දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත්වලට වලටද එය පුළුල් කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළේය.