Friday, October 25, 2024
Follow Us
ප්‍රියමාලි ඇතුළු හත් දෙනකුගේ නඩු 6ක් සැප්. 13 දා යළි කැඳවයි

මෙරට ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් ලබා ගෙන එම මුදල් වංචා කළ බව කියන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනිය වන තිළිණි ප්‍රියමාලි,

ඇයගේ පෙම්වතා වන ඉසුරු බණ්ඩාර, බොරැල්ලේ සිරිසුමන හිමි, ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා ජානකී සොයිසා සිරිවර්ධන ඇතුළු සැකකරුවන් හත් දෙනෙකුට එරෙහිව කොටුව අධිකරණයේ පවරා ඇති නඩු හයක් වැඩිදුර වාර්තා සඳහා ලබන සැප්තැම්බර් මස 13 වැනිදා යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (17) නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැවරූ නඩු විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහැර ඇති සැකකරුවන් විවෘත අධිකරණයේ පෙනී සිටියේය.

තිළිණි ප්‍රියමාලිට එරෙහිව නඩු හයක් ද ඇයගේ පෙම්වතා වන ඉසුරු බණ්ඩාර යන අයට එරෙහිව නඩු දෙකක් ඇතුළු නඩු හයක් විවෘත අධිකරණයේ කැඳවනු ලැබීය.

 

Dinamina