Friday, October 25, 2024
Follow Us
ඩෙංගු රෝග අවදානමේදී නිදහසට කරුණු කියන්න බැහැ- සෞඛ්‍ය ඇමැති

ඩෙංගු රෝගය අවදානම සඳහා අපිට නිදහසට කරුණු කීමට නොහැකි අතර එය පාලනය හා අවම කිරීමට අවශ්‍ය යැයි සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් ඊයේ (17) පැවැති ජාතික උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.


ඩෙංගු රෝගය හේතුවෙන් පසුගිය වසරේ මරණ 72ක් සිදුව ඇති බවත්, මේ වසරේ ඊයේ දිනය වනවිට මරණ 22 ක් වාර්තා වූ බවත් අමාත්‍යවරයා පැවසීය.


ලෝකයේ රටවල් 101ක ඩෙංගු උවදුර සම්බන්ධව ක්‍රියාත්මක වන බව ද මිලියන 200–300 අතර ප්‍රමාණයක් වාර්ෂිකව ඩෙංගු රෝගයට භාජනය වන බවද සිංගප්පූරුව වැනි ඉතාම හොද විනයක් සහිත පාලනයකින් සහ පිරිසිදුකමින් යුතු රටක වුව ද ඩෙංගු උවදුර පාලනය කිරීම සඳහා තවමත් උත්සාහ කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.