Friday, October 25, 2024
Follow Us
ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට පාඨමාලාවක්

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යංශය හා බුද්ධ ශාසන දෙපාර්තමේන්තුව දිවයිනේ විවිධ ප්‍රදේශ තුළින් වැඩම කෙරෙන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ සිල් මෑණිවරුන් වෙනුවෙන් පහසුකම් සපයමින් online සහ නේවාසික ඉංග්‍රීසි පාඨමාලා අදියර දෙකක් යටතේ සිදුකිරීමට අපේක්ෂා කරයි. මෙහි පළමු අදියරේදී ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා

සහ සිල් මෑණිවරුන් 150ක් තෝරා ඇත. මේ වන විට පවතින ඉංග්‍රීසි දැනුම අනුව එක් එක් කාණ්ඩයන්ට බෙදා ගැනීමේ වැඩසටහනක් පසුගියදා බුද්ධශාසන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

යුරෝපා රටවල් ඇතුළු ලෝකයේ බොහෝ රටවල් තුළ මේ වන විට බුද්ධ ධර්මය පිළිබඳ හැදෑරීමට සහ ධර්මාවබෝධය ලබාගැනීමට මහත් උද්‍යෝගයක් දක්නට ලැබෙන අතර එම රටවල්හී ධර්ම ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ධර්ම දේශනා පැවැත්විය හැකි මහා සංඝරත්නයේ අවශ්‍යතාවය දිනෙන් දින වැඩිවෙමින් පවතී. ඒ සඳහා මෙන්ම අපේ රටේ ද ඉංග්‍රීසි භාෂාවෙන් ධර්ම දේශනා පැවැත්විය හැකි මහ සඟරුවනක් බිහිකරලීම බුද්ධ ධර්මයේ අනාගත අභිවෘධිය සහ චිරස්ථිතිය වෙනුවෙන් ගනු ලබන උතුම් ක්‍රියා මාර්ගයක්.