Friday, October 25, 2024
Follow Us
මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන රියදුරන් හඳුනාගැනීමේ වැඩපිළිවෙළක්

මාර්ග අනතුරු වැඩිවීමේ ප්‍රවණතාවය අඩුකරගැනීම අරමුණු කරගනිමින් මත්ද්‍රව්‍ය නිවාරණ නියමු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමෙහි ලා මූලික සාකච්ඡාවක් ඊයේ (16) ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශ මරදාන පරිශ්‍රයේදී පැවැත්විණි.

ඒ් අනුව මත්ද්‍රව්‍ය භාවිත කරමින් රිය ධාවනය කරන රියදුරන් හඳුනාගැනීමේ පළමු පියවර ලෙස ශ්‍රි ලංකා පොලීසියට ලබා දී තිබෙන මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු කෙරෙන ඛේට පරික්ෂණ කට්ටල යොදා ගනිමින් රියදුරු මහතුන්ගේ ඛේට පරික්ෂාවක් සිදුකරනු ලබයි. එම පරික්ෂණයේදී මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තවදුරටත් තහවුරු කරගැනීම සඳහා පොලීසිය විසින් අදාළ රියදුරා ළඟම තිබෙන රෝහල වෙත යොමු කරනු ලබයි.

එහිදී වෛද්‍යවරයා විසින් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු කෙරෙන පරීක්ෂණ කට්ටල භාවිතා කරමින් මුත්‍රා සාම්පල් පරීක්ෂණයක් සිදුකර අදාළ තොරතුරු පොලීසිය වෙත දැනුම් දෙනු ලබයි. තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා මුත්‍රා සාම්පල් ජාතික රාමධක මණ්ඩලය වෙත යෙමුකරනු ලබයි.