Friday, October 25, 2024
Follow Us
ඩෙංගු ගැන අනතුරු ඇඟවීමක්

"ඩෙංගු" වසංගත තත්ත්වයක් දක්වා වර්ධනයවීමේ හැකියාවක් ඇති බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම අනතුරු අඟවයි.

ගම්පහ, කොළඹ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන්ගේ ඝීඝ්‍ර වර්ධනයක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.

 2022 මැයි මාසය අවසන් වන විට වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 24,206 කි.

නමුත් මෙම වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 31,098 ක් වාර්තාවීම අවදානම් තත්ත්වයක් බව සෞඛ්‍ය අංශ පවසයි.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 6,953කි.

දෙවනුවට වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.එම සංඛ්‍යාව 6,500 ක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ, වෛද්‍ය ආනන්ද විජේවික්‍රම,

"ඩෙංගු රෝගීන් වැඩිවීමේ දැඩි අවදානමක් තිබෙනවා. 2017දී අපි දැක්කා විශාල රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණා. 186,000ක්. ඒ වගේ අවස්ථාවකදී හැම රෝහලකම ඉඩකඩ නැති වුණා. ඒ තත්ත්වයට එයිදෝ කියන අවදානමක් පිළිබඳ සැකයක් අපිට තිබෙනවා දැන් තිබෙන තත්ත්වයත් එක්ක. රෝගීන් වැඩි වුණොත් කළමනාකරණය කරගැනීම ප්‍රායෝගිකව අපහසු වෙනවා."

 

-Aruna